පොලිස් මාධ්‍ය ප්‍රකාශක තවදුරටත් තනතුරේ වැඩ.!

තමන් වෙනුවට සුදුසු නිලධාරියෙකු පත්කරන තුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ තවදුරටත් රාජකාරී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

ඔහු මේ බව පැවැසුවේ, අද පැවති පොලිස් විරු දිනය සැමරුමෙන් අන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොලිස් නිලධාරියෙක් ලෙස තමන්ට පවරා ඇති වගකීමෙන් ඉවත් විය නොහැකි බවත්, සුදුසු නිළධාරියකු පත්කරන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ තවදුරටත් කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *