අරලගංවිල, ඉහළ ඇල්ලේවැව හේන්යායේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලද තොරතුරක් අනුව අරලගංවිල පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකය.
මේ අතර, හුංගම, රන්න ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43ක් වන රන්න, ලේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න