පොලිසිය නිවස වටලද්දී ප්‍රසන්න රණවීර පැන දුවයි.!

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට පොලිස් නිලධාරී කණ්ඩායමක් ගිය අවස්ථාවේ ඔවුන් නිවසින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට නීති විරෝධී ලේඛණ සකසා අලෙවි කළ බවට එල්ල වන චෝදනා මත සිදු කරන පරීක්ෂණයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් ගොස් තිබේ.

නිවසේ සිටි ඔහුගේ බිරිදගෙන් හා රියදුරුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර සැඟව සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *