පොඩි ලැසී මුම්බායි හිදී අත්අඩංගුවට.!

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙනු ලෙස සැලසෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *