පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම මේ වසරේ දෙසැම්බර් 15 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි.
පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවත් ඒ් අනුව මෙලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න