පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි.

කටාර් විදේශ අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (18) කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා වටයකදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය වහාම ක්‍රියාත්මක වන පරිදි  සටන් විරාමයට එකඟ වූ බවය.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙරටේ නියෝජිතයින් සමග ඊයේ කටාර්හි දෝහා අගනුවර දී ආරම්භ විය.

වසර ගණනාවක සිට පවතින දේශ සීමා අර්බුදය මේ වන විට ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර ගත වු දින කිහිපය පුරා ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් ගණනවක් මියගොස් ඇත.

ඒ අනුව පවතින තත්ත්වය විසඳා ගැනීම පිළිබඳව සාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය විසින් එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් දෝහා වෙත පිටත්කර යවා ඇති අතර පාකිස්ථාන රජයේ නියෝජිත පිරිසක් ද දෝහා නගරය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගත වු සතියේ ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණ ද එම කාලසීමාව තුළ ද දෙපාර්ශවය අතර වෙඩි ප්‍රහාර හුවමාරුවීම් වාර්තා වී තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *