උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ගැන දැනුම්දීමක්.

දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වේ.

එම විභාගය ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසීය.

ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වේ.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *