මහින්ද සිරිවර්ධන ලේකම් ධුරයෙන් සමුගනී.!

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම ජුනි මස අගදී, ඔහු විසින් දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික් ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.

එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේදී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *