වසරේ මුල් මාස පහේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, රේගුවේ සහ සුරාබදු ආදායම් ඉහළ ගිය හැටි ජනපති හෙළිකරයි.!

වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% ඉක්මවූ බවත්, රේගු ආදායම 104% ද, දේශීය සුරාබදු ආදායම 106% ද ඉක්මවූ බව බදු සතිය සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවය.

මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *