පොල් ගස් 3ක් කපන්න අවසර දෙන්න අල්ලස් ලෙස 128GB පෙන් ඩ්‍රයිව් එකක් ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට.!

අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරී නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ, පදිංචිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතකට අත්සන් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 4,000 ක් වටිනා 128GB පෙන් ඩ්‍රයිව් එකක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි බවට මෙම ග්‍රාම නිලධාරියාට චෝදනා එල්ල වී ඇති බවයි.

පෞද්ගලික ඉඩමකින් පොල් ගස් තුනක් කපා ඉවත් කිරීමට අවසර ඉල්ලා අයදුම්පත ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

අද (30) පෙ.ව. 11:27 ට පමණ ග්‍රාම නිලධාරී කාර්යාලයේදී ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගත් අතර සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *