විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කර ගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව අවධානයට ලක්ව ඇති බවය.
එම ක්‍රියාව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත් එහි සඳහන් ව තිබේ.
ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවත් එහි සඳහන්ව ඇත.
මෙම ක්‍රියාපටිපාටිය ආණ්ඩුකාරවරු සහ පළාත් අමාත්‍යවරු විසින් අනුගමනය කළ යුතු වනු ඇති බවත් එහි සඳහන් ව තිබේ.
එම සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,
ප්‍රතිචාරයක් ලබාදෙන්න