රාජ්‍ය භාෂා කොමිසමට නව සභාපතිවරයෙක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් මහත්මිය පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (06දා) පිරිනැමිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *