තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළවයි.
හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම ඇපෑල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (29) දින නියම කළා.
මෙම ඇපෑල අද මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන් , දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අයගෙන සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ ඇපෑල ජුනි මස 05, 13 සහ 16 වනදා යන දිනවල විභාගයට ගන්නා බවද විනිසුරු මඩුල්ල නියෝග කළා. මෙම අභියාචනයට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අගතියට පත් පාර්ශවයට අවසර ලබා දුන්නා.
ප්‍රතිචාරයක් ලබාදෙන්න