චිකුන්ගුන්යා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්.!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට චිකුන්ගුන්යා රෝගය පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල චිකුන්ගුන්යා පැතිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය එලෙස අනතුරු අඟවා ඇත.

ඊඩීස් මදුරුවන් මගින් පැතිරෙන මෙම රෝගය උණ, ශරීර වේදනාව සහ සන්ධි වේදනාව පවතින බව අමාත්‍යංශය පවසයි.

බොහෝදෙනෙක් ඉක්මණින් සුවය ලැබුවද, සමහරු දිගුකාලීන සන්ධි වේදනාවෙන් පෙළෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගර්භණී කාන්තාවන්, ළමුන් සහ නිධන්ගත රෝග ඇති අය වැනි අවදානම් කණ්ඩායම් ප්‍රවේශම්වන සිටින ලෙසද අමාත්‍යංශය පෙන්වාදෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *