යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් අද(19) දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරිය පවසයි.
එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න