හෙට(19) දින පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත අසත්‍ය බව සනාථ කරමින් අපරාධ වාර්තා කොට්ටාශය විසින් නිකුත්කර ඇති ලිපියක අඩංගු කරුණු අනුව තහවුරු වී තිබේ.
අපරාධ වාර්තා කොට්ඨාශයෙන් නිකුත්කර ඇති එම ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන බවත්, එම සැමරුම් උත්සවය සඳහා අපරාධ වාර්තා කොට්ටාශයේ ඡායාරූප කාර්යාංශයට අනුයුක්ත කර සිටින නිලධාරීන් පිරිසක් සහභාගී වන බවත් ය.
අදාළ ලිපිය පහළින්..




ප්‍රතිචාරයක් ලබාදෙන්න