නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටු වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා (15) දින රාත්‍රියේ පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වූ බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් පැවසීය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ (15) දින ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේඛම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා සහ තමන් අතර (15) දින රාත්‍රියේ කොළඹදී පැවති බවත්, එම සාකච්ඡාවේදි කොටගල, නුවරඑලිය, ආගරපතන, නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයට ලබා දෙන ලෙසත්, හැටන් දික්ඔය නගර සභාව, තලවකැලේ ලිදුල, මස්කෙළිය ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් ඕනෑම පළාත් පාලන ආයතනයක බලය තමන්ට ලබා ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ඉල්ලීමක් කල බවයි.
වැඩි ඡනද දායකයින් පිරිසක් සිටින බල ප්‍රදේශවල සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමට තමන් එකග නැති බවත්, සම සම ලෙස පළාත් පාලන ආයතනවල සභාපතිධූරය බෙදා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය එකග නොවන්නේ නම් තමන් කිසිදු පළාත් පාලන අයතනයක බලය පිහිටු වීමට කිසිදු පක්ෂයකට සහයෝගය ලබා නොදී එම පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කටයුතු කරන බවයි පලනි දිගම්බරම් කියා සිටියේ.
තවද පක්ෂ නායකයින් එකතුවී පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා ඊළග ජනාධිපතිධූරය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන සාකච්ඡාවක් මිස පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට පවත්වන සාකච්ඡාවන් නොවන බව පලනි දිගම්බරම් කියා සිටියා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න