2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ දැනට පවතින ජාතික අවම මාසික වේතනය රු. 17,500 සිට රු. 27,000 දක්වා සහ ජාතික අවම දෛනික වේතනය රු. 700 සිට රු. 1080 දක්වා ඉහළ නැංවීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
එසේම ලබන වසරේ (2026) ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම මාසික වේතනය රු. 27,000 සිට රු. 30,000 දක්වා සහ ජාතික අවම දෛනික වේතනය රු. 1080 සිට රු. 1200 දක්වා වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
කම්කරු ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ අනුමැතිය හිමිව තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න