16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට අදාළව ඇය ඉගෙනුම ලැබූ පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.
මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන් තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බව ද ඔහු සඳහන් කළේය.
තමාගේ පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බව ද ඔහු පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න