රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි වසර දෙක තුළ විදෙස් සංචාර 23 කට සහභාගි වී ඇති අතර ඔහු නියෝජනය කරමින් වෙනත් පුද්ගලයන් සහභාගි වූ සංචාර 19 ක් සඳහා දරන ලද සමස්ත වියදම මිලියන 1127 ක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.
ඒ අනුව 2022 වර්ෂයේ සිට 2024 දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ නිල විදෙස් සංචාර සංඛ්‍යාව 2022දී හතරක්, 2023 දී දාහතරක් සහ 2024 දී පහකි. එම වසර දෙකට විදේශ සංචාර එකතුව 23ක් යැයි ඇමැතිවරයා කීය.
එහිදී 2022දී එක්සත් රාජධානිය (එලිසබෙත් මහරැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීමට), ජපානය (හිටපු ජපන් අගමැතිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට), පිලිපීනය (ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව), ඊජිප්තුව (කෝප් 27 ලෝක නායක සමුළුවට සහභාගී වීම).
2023 දී එක්සත් රාජධානිය (තුන්වැනි චාල්ස් මහ රජුගේ රාජාභිෂේකයට), සිංගප්පූරුව (අරමුණ පැහැදිලි නැත), ජපානය (ආසියා සමුළුවකට), එක්සත් රාජධානිය (අයිඩීයූ සමුළුවට), ප්‍රංශය (නව ගෝලීය ගිවිසුමක් සඳහා වන සමුළුව), ඉන්දියාව (ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු කරන සංචාරය), සිංගප්පූරුව (රාජකාරී සංචාරය) කියුබාව (ජී77 සමුළුව), නිව්යෝර්ක් (එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරයට), එක්සත් රාජධානිය (වොල්වෝ විශ්වවිiාලයේ උපාධි පිරිනැමීමේ උත්සවය), ජර්මනිය (ගෝලීය සමුළුව), චීනය (ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා සමුළුව), මාලදිවයින (ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා ජනපති පදවියට පත්වීම), ඩුබායි (යූඑන්එෆ්සීසී සමුළුව),
2024 වසර ස්විට්සර්ලන්තය (ලෝක ආර්ථික සමුළුවේ විශේෂ සැසිය), උගන්ඩාව (නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය සමුළුව), ඔස්ටේ්‍රලියාව (07 වැනි ඉන්දීය සාගර සමුළුව), ඉන්දුනීසියාව (10 වැනි ලෝක ජල සමුළුව), ඉන්දියාව (අගමැති මෝදිගේ දිවුරුම් දීම) වශයෙන් සහභාගී වී ඇති බව නලින්ද ජයතිස්ස මහතා කීය.
මෙම සංචාරවලදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතරව 2022 දී ඔහු සමග රජයේ වියදමින් පුද්ගලයන් 63 දෙනකු ගමන් කර තිබෙනවා. 2023දී ඔහු සමග පුද්ගලයන් 252 දෙනකු ගමන් කර තිබෙනවා. 2024දී ඔහු සමග 111 දෙනකු ගමන් කර තිබෙනවා. මේ සංචාරවලදී රටට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳ විශාල ලේඛනයක් තිබෙන බවත් එය සභාගත කරන බවත් හෙතෙම පැවසීය.
2022 දී කරන ලද සංචාර හතර සඳහා වැය කරන ලද මුදල මිලියන 129.316 ක්, 2023දී මිලියන 577. 372 ක්, 2024 දී මිලියන 300.65 ක් ආදී ලෙස මිලියන 1007.34ක් බව ද හෙතෙම සඳහන් කළේය
මෙම සංචාරවලට අමතරව ඔහු පුද්ගලිකව සහභාගී නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් වෙනත් අය සහභාගී වූ සංචාර 19 ක් ඇති බවත් එම සංචාර සඳහා රුපියල් මිලියන 19.21 ක් වැය කර ඇති බවත් හෙතෙම කීය. ඒ අනුව ඔහු නිල වශයෙන් සහභාගි වූ නිල සංචාර මෙන්ම ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වූ සංචාර වෙනුවෙන් දරන ලද සමස්ත වියදම මිලියන 1127ක් බව ඇමැතිවරයා කීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න