දේශබන්දුව පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවයි.!

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි 19 වැනි දින ඔහු පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කර එහි සොයාගැනීම් වාර්තා කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවට ඔහුව එලෙස කැඳවා තිබේ.

මෙම කාරක සභාව මේ වන විට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වී ඇති නමුත් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති තෙන්නකෝන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවූ පළමු අවස්ථාව මෙයයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *