ප්‍රසන්න රණවීර රිමාන්ඩ්.!

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි.

ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකය.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳඟහන්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *