ජනාධිපති අරමුදලෙන් මුදල් ගිල්ල මැති ඇමතිලා 22කට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග.!

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ලබාගත් ප්‍රථිකාර සම්බන්ධව තොරතුරු ලබා දෙන්නැයි, රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

තවද එම මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට අධිකරණය නියෝග කර ඇත.

ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් 22 දෙදෙනෙකු රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබාගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *