මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.
CID රැඳවුම්භාරයේ සිටින පිල්ලෙයාන්ට, රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් දීමට අවශ්‍ය බව පවසා CID නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දීමේ සිද්ධියකට රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා කන්කසන්තුරය ප්‍රදේශයට ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් රනිල් වික‍්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර වික‍්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න