පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.!

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.

ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත.

මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණි.

මේ අතර ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Spread the news

Comments

“පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.!”ට ප්‍රතිචාර 5ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *