මහා පරිමාණ පාඩුවක් සිදු කළ පොස්පේට් සමාගමේ ගනුදෙනුවක් ගැන හොයන්න විමර්ශනයක්.!

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති බවත් වාර්තා වේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීම අවස්ථාව ලබා දී ඇති බව සඳහන්ය.

ඒ මඟින් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදුකළේ යැයි අදාළ පැමිණිල්ල තුළින් කරුණු අනාවරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලීසිය විසින් ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.

Spread the news

Comments

“මහා පරිමාණ පාඩුවක් සිදු කළ පොස්පේට් සමාගමේ ගනුදෙනුවක් ගැන හොයන්න විමර්ශනයක්.!”ට ප්‍රතිචාර 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *