පසුගිය වසරේ රිය අනතුරුවලින් 2,359ක් මිය ගිහින්.!

පසුගිය වසරේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,359 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

එම වසර තුළ සිදුව ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 24,589ක් වන අතර, ඉන් 2,253ක් මාරක රිය අනතුරු ය. පසුගිය වසරේ සිදුවූ අනතුරුවලින් බරපතල තුවාල සිදුවීම් 6,762ක් වාර්තා වූ බවත් පොලිසිය පවසයි.

රිය අනතුරුවලින් සුළු තුවාල 9,945ක් සහ දේපළ හානි 5,629ක් වාර්තා වී ඇති අතර, 2023 වසරේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,321 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පසුගිය වසරේ මුල් මාස 11 තුළ බස් රථ අනතුරු 2,005ක් වාර්තා වී ඇති බවත්, ඉන් ජීවිතක්‍ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 198ක් බවත් පොලීසිය පවසයි.

වැඩිම අනතුරුවලට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථය. එම අනතුරු 1,490ක් වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 148 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලීසිය පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එහි පළමු මෙහෙයුම මඟින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, ඇතුළු අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

දෙවන මෙහෙයුම මඟින් උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *