මනූෂගේ සහෝදරයා නැවත ඇතුළට.!

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

2024 දෙසැම්බර් 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව බිබිලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් රුපියල් මිලියන 3ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මතය.

සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *