සියලුම පාකිස්තානුවන්ට වහාම රටින් පිටවෙන්න ඉන්දියාව පැය 48ක් කල් දෙයි.!

දකුණු කාශ්මීරයේ පහල්ගම්හිදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝග කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් (23) දින රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඉන්දියාව දැනටමත් පාකිස්තානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළා ඇති අතර දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබාදී ඇත.

ඒ අනුව සාර්ක් නිදහස් වීසා බලපත්‍ර යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට පැමිණීම තහනම් කර ඇති අතර එම වීසා බලපත්‍ර යටතේ සිටින සෑම පාකිස්තාන ජාතිකයෙකුම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස උපදෙස් ලබාදී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *