පළාත් පාලන ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැස්වෙයි.!

පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

අද පෙරවරු 10න් පසු කොමිසම රැස්වන බව ඔහු සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

අදාළ පළාත් පාලන ආයතනයේ බලයලත් නියෝජිතයින් පත්කරගන්නා ආකාරය, ඡන්දය නිරීක්ෂණය කරනු ලබන ආකාරය පිළිබඳව ද මෙහිදි දැනුම්වත් කරනු ඇති බව සඳහන්ය.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානද අද දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *