මනම්පිටියේ පල්ලියකට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට.!

මනම්පිටියේ පල්ලියක ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි.

සැකකරු ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානයට’ වෙඩි තබා ඇති අතර, එය පල්ලියේ දේශකයා (දේවගැතිවරයා) සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බව වාර්තා වේ.

සිද්ධියෙන් පල්ලියේ ජනේලයකට හානි සිදුවී ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *