සිරි දළදා වන්දනාව දෙවන දිනය අදයි.!

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරු දැකගත හැකිය.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක මෙලෙස ජනතාව පෝලිම් ගැසී රැඳීසිටී.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *