ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අබලන් වූ බස් රථ අලුත්වැඩියා කරන රජයට අයත් ලක්දිව ඉංජිනේරු සමාගම 2024 දෙසැම්බර් මාසයේ සිට බස් රථ 65ක් එකලස් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසයි.
එම සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සමාගම 2024 දෙසැම්බර් මාසයේදී සහ 2025 වසරේදී බස් රථ 03ක් එකලස් කළ බවයි.
ඊට අමතවර ලක්දිව ඉංජිනේරු සමාගම ජනවාරි මාසයේදී බස් රථ 12ක්, පෙබරවාරි මාසයේදී 28ක් සහ මාර්තු මාසයේදී 22ක් එකලස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.
“මෙම සමාගම ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 16 අතර තියෙනවා. ඒක වහන්න හැදුවා. නමුත් වත්මන් රජය යටතේ එය පණගන්වා ක්‍රියාත්මක කර තිබෙනවා. සේවකයන්ට ප්‍රසාද දීමනා පවා ලැබෙනවා,” ඔහු පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න