දළදා වන්දනාව වෙනුවෙන් නුවර යන අයට විශේෂ දැනුම්දීමක්.!

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

“සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.

මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා සඳහන් කළේය.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා “සිරි දළදා වන්දනාව” පැවැත්වීමට නියමිතය.

දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *