අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතව තිබේ.
එමෙන්ම එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර යෝජනා සම්මතය පිළිබද ඡන්ද විමසීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න