මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹට කැඳවයි.!

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවය.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *