ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය.
පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.
මෙහිදී සිය කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න