2005 වසරේ බොරැල්ලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වරදකරුට මරණ දණ්ඩනය.!

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළේය.

2005 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි සැලූන් එකක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමත්තකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *