පුංචි ඡන්දේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම 16 දා ඇරඹේ.!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

අප්‍රේල් 20 වැනිදා සහ 27 වැනිදා යන ඉරිදා දිනයන් දෙකද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදු කරන අතර, එම කටයුතු අප්‍රේල් මස 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව බෙදාහැරීම් කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වැනි දා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වැනිදා සිදු කෙරෙන බව ද එය විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ සිදු කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *