හිටපු බොහෝ මැති ඇමතිලාට සෙල්ලම් පාර්ලිමේන්තුවක් වැලිකඩදී.!

හිටපු බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සෙල්ලම් පාර්ලිමේන්තුවක් වැලිකඩ හදාගන්න පුළුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනරැළියකට එක්වෙමින් මෙසේද පැවසීය,

“දැන් මේ අප්‍රේල් මාසෙ (21) එනවා. අවුරුදු 6ක් පිරෙනවා. අප්‍රේල් මාසෙ (21) වැනිදාට කලින් නම් දැනෙන යමක් වෙයි.. පරීක්ෂණ එහෙමයි යන්නේ. එනිසා අපි මොකක්ද කරමින් තිබෙන්නේ. මේ පරීක්ෂණ වේගවත් කරමින් තිබෙනවා. අපි ආණ්ඩුවක් හැටියට අවශ්‍ය නිලධාරින් පත් කරලා තිබෙනවා.

වංචාව, දුෂණය, නාස්තිය මේ රටෙන් තුරන් කරන්න ඕනා. ඒක තමා අපේ රටේ තිබෙන පිළිකාව. මේ පිළිකාව සුව කරන්නේ නැතිව අපට හොද ආර්ථිකයක් හදාගන්න හම්බෙන්නේ නෑ. අන්න ඒ වැඩේ කරන්නේ, ජාතික ජන බලවේගය ආණ්ඩුව විතරයි මතක තබා ගන්න.

මම හිතනවා, හිටපු බොහෝ අයට සමහරවිට සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වෙයි වැලිකඩ. කරනවා.. කිසිවෙකුගෙන් පෞද්ගලික පලිගැනීමක් අපිට නෑ. මේ අපේ රටේ නීතිය, විධානය, ආධිපත්‍ය යළි මේ මාතෘ භුමිය තුළ තහවුරු කිරීම තමයි අපේ අපේක්ෂාව.. අපේ වගකීම.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *