ටිරාන් අලස්ව CIDයෙන් කැඳවයි.!

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු අමාත්‍යවරයා හෙට කැඳවා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති බව අදාළ උසස් නිලධාරියා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

Spread the news

Comments

“ටිරාන් අලස්ව CIDයෙන් කැඳවයි.!”ට එක් ප්‍රතිචාරයක්

  1. නියම තැනටම හැබැයි ඇවිල්ලා තියෙනවා…. තාම ගේට්ටුව ළඟ… තට්ටු කරලා බලන්න… ගේට්ටුවත් අරගෙන දොරවල් කීපයක්ම අරගෙන යන්න වේවි… එච්චර දුර ගමනක් යන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ….!!!
    බැරිත් නෑ හරි ක්‍රමයටම ගියොත්… බඩුම තමයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *