මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි.
මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙසය.
හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ.
භූ කම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව ඇත.
එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට නගරයේ ගොඩගැසී ඇති අතර, තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න