දේශබන්දුට හැංගෙන්න සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් දින 19කට පසුව පසුගිය මාර්තු 19 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරුන් සමග පැමිණ භාර වුණි.

මේ වනවිට අප්‍රේල් මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ.

2023 වසරේ මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගිය පෙබරවාරි‍ 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *