අමාත්‍ය වැටුප ලබා නොගෙන, මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට සියලු අමාත්‍යවරුන් විසින් අදාල අමාත්‍යංශ ලේකම්වරුන්ට මේ වන විට ලිඛිතව දැනුම්දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට ද තීරණයක් ගෙන ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමට අදාල චක්‍රලේඛය ඊයේ දිනයේ නිකුත් වුවද අප්‍රේල් මස 10 වනදා වන විට වැටුප් ලබාදීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.
රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින ආයතනවල නිලධාරින්ට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බවයි ඔහු කියා සිටියේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න