2024 ජනාධිපතිවරණයට පෙර ඉන්ධන ආනයනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන් බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හිමිනමක් පවසන වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වේ.
“අපි ජනාධිපතිවරයාට ඒ අවස්ථාවේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත නොකරන ලෙස පැවසුවා. කෙසේවෙතත්, මාස 06 කට ප්‍රමාණවත් ඉන්ධන ආනයනය කිරීම සඳහා මාස තුනක් සඳහා LC විවෘත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසුවා,”උන්වහන්සේ හෙළිකරති.
ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ එම යෝජනාවට එකඟ නොවූ බවත්, මහජනතාවට අහිතකර ලෙස බලපාන කිසිදු තීරණයක් නොගන්නා බවට සහතික වූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට ආශිර්වාද කිරීම සඳහා පැවති ආගමික උත්සවයකදී, එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගයේ සාමාජිකයන් කිහිපදෙනකු ඉදිරියේ උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න