එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් නවත්තපු කතා බොරු.!

එක්සත් ජනපද ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව දියත් කිරීම අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ප්‍රතික්ෂේප කර තිබේ.

නියාමන අධීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ පුවරු පද්ධතියක් නොමැතිකම ස්ටාර්ලින්ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයය හේතුවී ඇති බව TRCSL අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

මෙම පද්ධතිය හඳුන්වාදීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රකාශ කර තිබේ.

යම් ප්‍රමාදයක් තිබියදීත්, අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රියාත්මක වූ පසු, අප්‍රේල් මාසය වන විට ‘Starlink’ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව හේරත් තහවුරු කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *