පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13 ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පළාත් පාලන මැතිවරණ 2025 වර්ෂය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය වශයෙන් 2025 මැයි මස 6 වන දින මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වශයෙන් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උපරිම හැකියාවෙන් යුක්තව මේ වන විට කටයුතු කරමින් පවතිනවා. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සඳහා ක්‍රියා කිරීම ඒ වගේම මැතිවරණ ප්‍රචාරක රැලි සහ අනෙකුත් රැස්වීම් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
එමෙන්ම පසුගිය මාර්තු 3 වෙනි දින නාමයෝජනා කළ සීමාවෙන් ආරම්භ වූ දින සිට පසුගිය දින 21 කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ 16 ක් පමණයි. ඒ අනුව ඉතා අවම වශයෙන් මෙම ක්‍රියා වාර්තා වන බවටයි දැනට අපිට නිරීක්ෂණය වන්නේ. මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර අපේක්ෂකයන් 10 දෙනෙක් සහ අනෙකුත් පුද්ගලයන් 22 වශයෙනුයි එම පුද්ගලයන් 32 සමන්විත වන්නේ.
මෙම මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඉතා තදින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව සියලු දෙනාගෙන් මෙම මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
එමෙන්ම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කළ යුතුයි. එසේ කටයුතු නොකළහොත් මැතිවරණයෙන් අනතුරුව එම පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13 ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 1239 කට එරෙහිව මේ වන විර්මශන ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේදී ද මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කරන මෙන් අපේක්ෂකයන් ඇතුළු අනෙකුත් තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම ඉදිරි මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීම සඳහා සියළුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමටත් අවශ්‍ය කරන අමතර පොලිසිද්ධාරීන් වෙනත් පොලිසි ස්ථාන මගින් ලබා දීමටත් මේ වන විට විශේෂ වැඩ පිළිවෙලක් අපි සකස් කර තිබෙනවා.
කෙසේ හෝ ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් සියලුම අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලුම මහජනතාවගේ ඉල්ලා සිටිනවා මෙම ඉදිරි මැතිවරණය මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තා වීමට කටයුතු කළ ආකාරයටම ඉදිරි කාල සීමාවේදිත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව මෙම මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා ඔබගේ සහයෝගය ශ්‍රී ලංකා පොලිසිය වෙතට ලබා දෙන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ප්‍රතිචාරයක් ලබාදෙන්න