පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින් 20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය.
ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න