පසුගිය ආණ්ඩුවලින් විදේශ සේවයේ දේශපාලන පත්වීම් දුන් 18ක් ලංකාවට ගෙනල්ලා.!

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහකොමසාරිස්වරුන් 18 දෙ‌නකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව ද නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *