කොටස් වෙළෙඳපොළේ අදත් විශාල පිම්මක්.!

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසින් සැලකෙයි.

ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස්, ඒකක 16,348.55ක් ලෙස සටහන් විය.

මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53%ක වර්ධනයකි වේ.

මේ අතර අද දින රු. බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *